පේදුරුතුඩුව උණුසුම් කළ 2ක් දැලේ - යතුරුපැදි කල්ලියක් පොලිස් බංකරයකට පහර දෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

පේදුරුතුඩුව උණුසුම් කළ 2ක් දැලේ - යතුරුපැදි කල්ලියක් පොලිස් බංකරයකට පහර දෙයි (PHOTOS)

පේදුරුතුඩුව උණුසුම් කළ 2ක් දැලේ - යතුරුපැදි කල්ලියක් පොලිස් බංකරයකට පහර දෙයි (PHOTOS)
යාපනය පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී වැලි ටිපර් රථයට වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමෙන් පසු කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයින් දෙදෙනෙකු පේදුරුතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මනල්කාඩු ප්‍රදේශයේ ඉදිකොට ඇති පොලිස් මුරපොළකටද කලහකාරී ලෙස හැසුරුණු වැසියන් විසින් හානි කොට ඇති අතර මාර්ගයේ ගිනි තැබීම් කිහිපයක්ද සිදු කොට ඇත.

අදාල වෙඩි තැබීම සිදු කල උපපොලිස් පරික්ෂකවරයාගේ නිවසේ දේපලවලටද හානි කොට ඇති අතර මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කල පේදුරුතුඩුව පොලීසිය විසින් දෙදෙනෙකු ඊයේ (09) රාත්‍රියවන විට අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට ප්‍රදේශයේ තත්වය සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති අතරම පොලිස් බංකරයට පහරදුන් පිරිස් හා උපපොලිස් පරික්ෂකවරයාගේ නිවසට පැමිණ දේපල අලාභ හානි සිදු කල මුහුණ බැඳගත් යතුරුපැදි කල්ලිය කවුරුන්ද යන්න බැලීම පිළිබඳව පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

ඊට අමතරව අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන්ද පරික්ෂණයක් ආරම්භ කිරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)



No comments:

Post a Comment

Post Bottom Ad