ඇමති පට්ටම ඇතහැර ආණ්ඩුවෙන් ඉවත් වීමට ඩුලිප් සූදානම් - තවත් ඇමැතිවරු 17ක් ලෑස්තියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

ඇමති පට්ටම ඇතහැර ආණ්ඩුවෙන් ඉවත් වීමට ඩුලිප් සූදානම් - තවත් ඇමැතිවරු 17ක් ලෑස්තියි

එජාපය සහ ශ්‍රීලනිපය අතර අත්සන් කර ඇති යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය අවසන්වූ වහාම තමා ආණ්ඩුවෙන් මෙන්ම නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ද ඉල්ලා අස්වන බව ගම්පහ දිස්ති‍්‍රක් එක්සත් ජනතා සන්ධාන මන්තී‍්‍ර තැපැල් සහ මුස්ලිම් කටයුතු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතා පවසයි.

ඒ අනුව තමාගේ මෙම තීරණය පිළිබඳව ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මැති ඇමැතිවරුන් 17 දෙනකු තමා සමග සිටින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. ජනතාව වෙනුවෙන් යමක් කිරීමට යහපාලන ආණ්ඩුව එක්වූ තමාට මෙතෙක් එය ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් රටේ සම්පත් විකිණීම ශ්‍රීලනිප ප‍්‍රතිපත්තිය නොවන බවත් විජේසේකර මහතා පැවසී ය. දොම්පෙට කුණු ගෙනැවිත් දැමීමට ආණ්ඩුවට එරෙහි විරෝධතාවයේදීත් තැපැල් වැඩ වර්ජන අවස්ථාවේදීත් තමා සිටියේ ජනතාව පැත්තේ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නි. ඇමැති දුලිප් භාරදුන් ප්‍රාඩෝ රියේ අවිආයුධ....

මේ අතර නියෝජ්‍ය ඇමැති දුලිප් විඡේසේකර මහතා විසින් භාවිත කළ ප්‍රාඩෝ ජීප් රථයේ තිබී පිස්‌තෝලයක්‌ සහ දුම්බෝම්බයක්‌ හමුවූ බවට තැපැල් හා මුස්‌ලිම් ආගමික කටයුතු ඇමැති එම්. එච්. අබ්දුල් හලීම් මහතා චෝදනා කළේය. තැපැල් හා මුස්‌ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති දුලිප් විඡේසේකර මහතා විසින් භාවිත කර යළි රජයට භාරදුන් ප්‍රාඩෝ ජීප් රථයක තිබී ඉතාලියේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝලයක්‌ සහ දුම්බෝම්බයක්‌ හමුවී ඇති බව එහිදී ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය විසින් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති අතර අමාත්‍යාංශ මට්‌ටමින් ද වෙනමම පරීක්‍ෂණයක්‌ සිදුකරන බව වාර්තා වේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තැපැල් හා මුස්‌ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති දුලිප් විඡේසේකර මහතා පැවසුවේ මෙම චෝදනාව තමන් දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad