ඡන්දය ගැන මැකෝගේ කතාව ව්‍යවස්ථාවට එකගද.. කොමසාරිස්ලා සභාව අක්‍රීය අවස්ථාවක 15,000කට වඩා අනුමැතිය දීම වරදක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

ඡන්දය ගැන මැකෝගේ කතාව ව්‍යවස්ථාවට එකගද.. කොමසාරිස්ලා සභාව අක්‍රීය අවස්ථාවක 15,000කට වඩා අනුමැතිය දීම වරදක්..

යටත් විජිත සමයේ සිට පැවත එන මෙරටේ පලාත් පාලන ආයතනයන් අද වනවිට සම්පූර්ණයෙන්ම අක්‍රීය කොට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වන අතර එවෙනි අක්‍රීය සභාවක් තුල සභාවේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන කොමසාරිස්වරුන් ගේ බලය සම්පූර්ණයෙන්ම හීන වේ.

සභාවක් සභිකයින් රහිතව ක්‍රියාත්මක කිරීමට නොහැකි වන අතර එවෙනි අවස්ථාවක මුල්‍ය බලතල සම්බන්ධව ප්‍රතිපාදන කොමසාරිස් වෙත පවරා නොමැත. එබැවින් සභාවක් නොමැතිව රුපියල් පහලොස්දහසකට කට වඩා ගෙවිමක් කල නොහැකිය. එමෙන්ම ඊට අඩු ගෙවිමක් කිරිමටත් සභාවේ ප්‍රතිපාදන වෙන්කොට තිබිය යුතුය. හිතුවක්කාර ලෙස මූල්‍ය කටයුතු සම්බන්ධව තීරණයන් ගැනීම ටෙන්ඩර් ප්‍රදානය හෝ එයට දායකත්වය දීම නීතිය ඉදිරියේ දඩුවම් ලැබිය යුතු වරදකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ කොමිෂන් සභාවේ බලතල, කාර්ය සහ කර්තව්‍ය 104 ආ (1) අනුව පාලත් පාලන ආයතනයකන් සඳහා සභිකයින් තෝර පත් කර ගැනීම සම්බන්ධව පැහැදිලිව සඳහන් කොට ඇති අතර 104 ආ (2 ) මෙසේ සඳහන් වේ. “එවැනි ඡන්ද විමසීමක් හෝ ජනමතවිචාරණයක් පැවත්වීමට අදාලව සියලුම නීති බලාත්මක කිරීම, සුරක්ෂිත කිරීම කොමිෂන් සභාවේ කාර්යය විය යුතු අතර, එසේ ඒ නීති බලාත්මක කිරීම, සුරක්ෂිත කිරීමෙහිලා කොමිෂන් සභාවේ සහයෝගය දැක්වීම ඒ නීති බලාත්මක කිරීම භාරව සිටින සියලුම රජයේ බලධරයන්ගේ කාර්යය විය යුත්තේ ය.” යන්නය.

කරුණු එසේ නම් පලාත් පාලන හෝ මොනයම් හෝ ඡන්දයක් නිසි කලට නිසියාකාරව පැවත්වීමේ බලාත්මක බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණ කොමිෂන් සභාවේ බලතල, කාර්ය සහ කර්තව්‍යන්ට යටත් කොට ඇති අතර අද සිමා නිර්නයන් හෝ අලුත් ක්‍රමයට ද පරණ ක්‍රමයට ද පලාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද යන්න කියා තම කොමිෂන් සභාවේ බලතල අනුව ක්‍රියාත්මක නොවන ස්වාධීන මැතිවරණ කොමිසමේ වගකීම  ජනතාව ප්‍රශ්න කරනු ඇත.

එමෙන්ම පාලත් පාලන මැතිවරණයක් පවත්වා සභිකයින් තෝර පත්කර ගැනිමේ සඳහා අවම වශයෙන් සාධාරණ මැදිහත් වීමක් හෝ කොමිෂන් සභාවේ බලතල අනුව සිදු නොකොට හුදෙකලාව කටයුතු කරන ආකාරයක් මාධ්‍ය සංදර්ශන මගින් දැකගත හැකිය. තවද යටත් විජිත සමයේ සිට පැවත එන පාලත් පාලන මැතිවරණ පනත (ORDNANCE)එදා එනම් 1987 දි පලාත් පාලන අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සංශෝධනය කරන ලදි.


එ අනුව එහි 25 වෙනි වගන්තිය ලෙස ලෙස “පලාත් පාලන ආයතනයක සභිකයින් තෝරා පත්කර ගැනිම සම්බන්ධයෙන් වු සෑම මහා ඡන්දය විමසීමක්ම තෝරා පත් කරගනු ලැබිය යුතු සභිකයින්ගේ ධූර කාලය ආරම්භ වීමට නියමිතව ඇත්තේ යම් දිනයකදි ද ඒ දිනයට ඉහතින් හෝ මාස 6 ක කාලසීමාවක් ඇතුළත පවත්වනු ලැබිය යුතුය.”

ඉහත වගන්තිය අනුව එකම දිනක් හෝ සභාවක් නැතිව පලාත් පාලන ආයතනයක් පවත්වාගෙන යෑමට නොහැකිය, එමෙන්ම එසේ මොනයම් හේතුවක් නිසා හෝ එසේ විකල්ප ක්‍රමයට කොමසාරිස් හෝ අමාත්‍යවරයා හෝ මහ ඇමතිවරයා ගේ නියෝග හෝ උපදෙස් ක්‍රියාත්මක කරමින් පලාත් පාලන ආයතනයකන් පවත්වාගෙන යෑම සම්පූර්ණයෙන්ම පාලත් පාලන පනත උල්ලංඝනය කිරීමකි.

එමෙන්ම අද එජාපයේ ප්‍රමුඛව රජයක් පවතින අවස්ථාවක එහි නිර්මාතෘවරයෙකුව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ජනතාවට විශාල සේවයක් කිරිම සඳහා පාලත් පාලන ආයතනයන් සක්‍රිය මෙන්ම වැඩි බලතල සහිත ආයතනයකන් බවට පත් කලත් එම පාලත් පාලන අක්‍රීය කිරිම තුලින් ජනතාවට වසංගතයක් වී තිබෙන ඩෙංගු. කැලි කසල මෙන්ම අවම වශයෙන් ආපදාවකදි සහන සැලසීම පවා අහිමි කොට ඇත.

අද වනවිට මේ ආණ්ඩුව යටතේ ඇතිකල ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ඒ අතර තම වගකීම බලාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය කිසියම් හෝ පාර්ශ්වයක් විසින් හිතාමතා ලබා නොදෙන්නේ නම් ඒ යටතේ අවම වශයෙන් අධිකරණයෙන් හෝ සහනයක් ඉල්ලා නඩුවක් ගොනු නොකිරීම ඊටත් වඩා ප්‍රශ්නයක් මෙන්ම ජනතාව ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි කලකිරීමට ඇති අවස්ථාවට රුකුලක් දීම වැන්නය.

No comments:

Post a Comment

Post Bottom Ad