14 හැවිරිදි පාසල් සිසුවිය නිළ ඇදුම් මාරු කර එකම දිනයකදි පෙම්වතුන් දෙදෙනෙකු සමග රූම් ගිය හැටි .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

14 හැවිරිදි පාසල් සිසුවිය නිළ ඇදුම් මාරු කර එකම දිනයකදි පෙම්වතුන් දෙදෙනෙකු සමග රූම් ගිය හැටි .!

14 හැවිරිදි පාසල් සිසුවියක් එකම දිනයකදී තම පෙම්වතුන් දෙදෙනාගෙන්ම ලිංගික අපයෝජනයට ලක්වීමේ සිදුවීමක් ගම්පොල ප්‍රදේශ‍යෙන් වාර්තා වනවා. මෙම සිසුවිය සිය පාසැල් නිල ඇඳුම බස් නැවතුම්පලේ පොදු වැසිකිළියේදී මාරුකර එක් පෙම්වතෙකු සමඟ පුස්සැල්ලාව හෝටල් කාමරයකට ගොස් එහිදි අපයෝජණයට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා.

පසුව දැරිය තම පැරණි පෙම්වතා හට දුරකථන ඇමතුමක් ලබා දී ඔහු ගෙන්වා ගෙන මාවනැල්ල ලැඟුම්හලක කාලය ගතකර තිබෙන බව සදහන්.දැරිය පේරාදෙණිය ප්‍රදේශයේදී හඳුනාගත් හමුදා සෙබළෙකු වන පෙම්වතා සමඟ පුස්සැල්ලාව හෝටල් කාමරයට ගොස් තිබේ. විවාහකයකු වන හමුදා සෙබලා දැරිය දූෂණය කිරීමෙන් අනතුරුව දැරියට නිවසට යන ලෙස දන්වා ඔහු බදුල්ලට ගොස් ඇතැයි සදහන්.

එක් දරු මවක් වන ඔහුගේ බිරිද මේ පිළිබඳව ගම්පොල පොලිසිය වෙත පැමිණිලි ක‍ර තිබීමෙන් පසුව සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණ ඇරඹී ඇත. දැරිය පිළිබඳ ගම්පොල පොලීසිය වෙත පැමිණිලි ලැබීම නිසා කෑගල්ලේ සිටි පෙම්වතා මෙසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදුකරයි.

පුවත්පත් වාර්තා ඇසුරිනි

No comments:

Post a Comment

Post Bottom Ad