ගෑනු ළමයින්ගෙ පුටුවල ගම්ගෑවාට ටීචර් බැන්නාට 13 හැවිරිදි සිසුවා ගෙළවැළලාගෙන

වයස අවුරුදු 13ක පාසල් සිසුවකු සිය නිවෙස තුළම ගෙල වැලලාගෙන පෙරේදා (03) රාත‍්‍රියේදී මිය ගොස් ඇතැයි පූඩළුඔය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ පූඩළුඔය ප‍්‍රදේශයේ පාසලක නවවන වසරේ කවිශ්ක ධනංජය වීරක්කොඩි නමැති පුඩළුඔය, කඩදොර පිටිය පදිංචි අයෙකි.

පාසලේ ගැහැනු ළමයින්ගේ පුටුවල ගම් වර්ගයක් ගෑම සම්බන්ධයෙන්  දෙමාපියන් පාසලට කැදවාගෙන එන ලෙස විදුහලෙන් මෙම සිසුවා ඇතුළු ළමුන් කීපදෙනකුට පවසා ඇති බවත් එම හේතුවට  සිසුවා මෙසේ ගෙල වැලලා ගැනීමට ඇතැයි සැක කෙරේ. මියගිය සිසුවාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (04) නාවලපිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතව පැවැතිණි. මෙම සිද්ධිය පිළිබදව පූඩළුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ශාන්ත හුළංනුගේ – ආගරපතන


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment