හෙට පැය 12 ක ජල කප්පාදුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

හෙට පැය 12 ක ජල කප්පාදුවක්

හෙට පැය 12 ක ජල කප්පාදුවක්
හෙට (9) සිට පැය 12 ක කාලයක් කෝට්ටේ අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු වන ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි. අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (9) පස්වරු 2 සිට අනිද්දා (10) අලුයම 2 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, කොස්වත්ත සහ කෝට්ටේ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවන බව සඳහන් වේ. රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ මෙන්ම ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග හා රාජගිරිය ලේක් ඩ්‍රයිව් හා ලේක් ගාර්ඩ්න් ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජලය කපා හරින බව වැඩිදුරටත් සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad