සල්ලි කන ශ්‍රී ලංකන් දිනකට ඩොලර් 12,000 (රුපියල් 18 ලක්‍ෂය) බැගින් ගිලී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

සල්ලි කන ශ්‍රී ලංකන් දිනකට ඩොලර් 12,000 (රුපියල් 18 ලක්‍ෂය) බැගින් ගිලී..

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එයාර්බස් 320 (4R-ABK) යානයේ කල්බදු කාලසීමාව මේවන විට අවසන්ව ඇති අතර එය ඉන්දියානු ඉන්ඩිගෝ ගුවන් සමාගම (InterGlobe Aviation, India) විසින් නැවත ලබාගෙන ඇත.

මේවන විට ශ්‍රී ලංකන් ඉංජිනේරු අංශය EASA 145 රෙගුලාසීන් උල්ලංගනය කරමින් කටයුතු කිරීම නිසා එම අනුමැතීන්ද ජාත්‍යන්තරය මගින් අත්හිටුවා ඇත. ඒ හේතුවෙන් එයාර්බස් 320 යානය ඉන්ඩිගෝ සමාගමට භාරදීමට ප්‍රථම සිදුකරනු ලබන නඩත්තු කටයුතු කිසිවක් සිදුකළ නොහැකි තත්වයක් පැණ නැගී ඇති අතර අදාළ යානය තවමත් කටුනායක ගුවන් තොටුපළේ ගාල්කර ඇත.

මෙම කල්ගතවීම නිසා දිනකට ඇමරිකන් ඩොලර් 12,000ක දඩයක් අදාළ ඉන්දියානු සමාගමට ගෙවිය යුතුව ඇති අතර මේ දක්වා දින 62ක් ගතව ඇත. නැවත ලබාදෙන දිනයක්ද වාර්තා නොවන අතර මෙවැනි පරිපාලනමය දුර්වලකම් නිසා වලපල්ලට යමින් තිබෙන ශ්‍රී ලංකන් ගමන තවත් වේගවනු ඇති බව එහි සේවකයින් පවසයි.

– වෙනුර

No comments:

Post a Comment

Post Bottom Ad