ඉරිදාට පැය 12ක ජල කප්පාදුව මෙහෙටයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

ඉරිදාට පැය 12ක ජල කප්පාදුව මෙහෙටයි

ලබන ඉරිදා පැය 12 ක කාලයක් කෝට්ටේ අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුවනවා. අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් අනිද්දා පස්වරු 2 සිට සඳුදා අලුයම 2 දක්වායි  ජල කප්පාදුව ක්‍රියාත්මක වන්නේ.

ඒ අනුව මොරගස්මුල්ල / රාජගිරිය / ඔබේසේකරපුර / බණ්ඩාරනායකපුර / කොස්වත්ත සහ කෝට්ටේ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය මෙන්ම ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග / රාජගිරිය ලේක් ඩ‍්‍රයිව් සහ ලේක් ගාර්ඩ්න් ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ  ජලය කපා හැරෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad