සයිටම් රෝහල රජයට පවරා දෙයි - නොමිලේ සේවා අගෝස්තු 1 වනදා සිට (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

සයිටම් රෝහල රජයට පවරා දෙයි - නොමිලේ සේවා අගෝස්තු 1 වනදා සිට (VIDEO)

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද (17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.  අනුව අගෝස්තු 1 දා සිට මෙම රෝහල රජයේ රෝහලක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

ශික්ෂණ රෝහලකට අවශ්‍ය සියළු පහසුකම්වලින් සමන්විත මෙම රෝහල රුපියල් බිලියන 3.5 ක වටිනාකමකින් සම්න්විත වේ. අක්කර 05ක භූමි භාගයක හරිත සංකල්පයකට අනුව ගොඩ නඟා ඇති නෙවිල් ප්‍රනාන්දු රෝහල වර්ග අඩි 180,600 කින් යුක්තවන අතර මහල් 4 කින්  යුත් ගොඩනැගිල්ලක් සහ මහල් 8ක ගොඩනැගිලි දෙකකින් මෙය සමන්විතය.

No comments:

Post a Comment

Post Bottom Ad