පෙරලිය ළග ළගයි.. නියෝජ්‍ය-රාජ්‍ය ඇමති 08ක් මහින්ද නිවසේ..

ශ‍්‍රීලනිප නියෝජ්‍ය හා රාජ්‍ය අැමතිවරුන් අට දෙනෙකු අද දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවට වාර්තා පලවෙයි.

මෙම හමුව හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන බවත් ඊට පෙර මෙම පිරිස 05 වැනිදා රාත්‍රියේ සන්ධාන මහලේකම් ඇමති මහින්ද අමරවීර මහතා මුණගැසී සාකච්චා කර ඇත. තම අදහස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දෙන ලෙසද ඔවුන් ඉල්ලා ඇති අතර රට තුල ඇති ආණ්ඩු විරෝධය ගැනත් තනි ආණ්ඩුවක් නැතිව ජනතාව දුක්විඳින බවත් පෙන්වා දී ඇත.

ලක්ෂමන් වසන්ත පෙරේරා, අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලන්සා, ඉන්දික බණ්ඩාරනායක, සුසන්ත පුංචිනිලමේ, ඩුලිප් විජේසේකර, සාරතී දුෂ්මන්ත යන පිරිස මෙම අවස්ථාවට එක්ව ඇතැයිද සදහන්ය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment