ප්‍රභූ රථ ගායට යකා නැග්ග රියදුරෙක් VIP ආරක්ෂකයින්ට ඉගැන්වූ පාඩම - VIDEO - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

ප්‍රභූ රථ ගායට යකා නැග්ග රියදුරෙක් VIP ආරක්ෂකයින්ට ඉගැන්වූ පාඩම - VIDEO

ඔබත් රියදුරෙක් වෙන්න පුළුවන්.හැබැයි අද කාලේ ඉන්න ඉගිල්ලෙන රියදුරෝ නේ. හරියට නිකං ආසයි මම පියාඹන්න වගේ. එහෙම ඉගිල්ලිලා ගිහින් නොයන ගමන් ගියපු අය ඉන්නවා.
ඒ වගේම තව අය ඉන්නවා වාහනේ උණ ගහලා පා රේ යන අයත්. 

කොහොම හරි එහෙම උණ ගහලා ඒ උණ ක්ෂණිකව බස්සවපු කතාවක් ආරංචි වුණා. BENZ 300 කාණ්ඩයට අයත් රථයක් සහ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ නගරයේදී අනෙක් රථ වලට බාධා වන අකාරයෙන් ගමන් කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යය වෙත නිකුත් වී තිබෙනවා. මෙහි දැක්වෙන ආකාරයට KV – 3911 දරන බෙන්ස් රථයට ආරක්ෂාව සපයමින් ඒ පිටුපස ගමන් කරන පොලිස් නිලධාරින් දෙදෙනා අනෙක් රථ වලට ගමන් කිරීමට නොහැකි වන සේ මාර්ගයේ ගමන් කරන ආකාරයයි.

මෙහිදී එක අවස්ථාවකදී මෙම පොලිස් නිලධාරින් ගිලන් රථයක්ද නවත්වමින් මෙම බෙන්ස් රථයට මාර්ගයේ ගමන් කිරීමට ඉඩ ලබාදෙනවා. මෙම සිදුවීම දුටු පිටුපසින් පැමිණි රථයක රියදුරෙකු විසින් මෙම පොලිස් නිලධාරීන්ගේ මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරන අතර විටෙක එම රියදුරා “ඌට පරක්කු නම් කලින් නැගිටලා යන්න කියපිය,තොපි හැමදාම ඔහොමයි පාරේ යන්නේ යනුවෙන් ” එම පොලිස් නිලධාරීන්ට බැන වැදුණා.

මෙලෙස පොලිසියට බැන වැදුණු රියදුරාට සමාජ මාධ්‍යය තුල ස්තුති සහ ප්‍රශංසාද හිවිව ඇති බව දක්නට ලැබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad