බරපතල සෞඛ්‍ය තර්ජනයක් ගැන මන්ත්‍රී බුද්ධිකගෙන් හෙළිදරව්වක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 22, 2017

බරපතල සෞඛ්‍ය තර්ජනයක් ගැන මන්ත්‍රී බුද්ධිකගෙන් හෙළිදරව්වක් (VIDEO)

පානීය ජලය අද අපි නොදන්නා රහසිගත මරුවෙක් බවට පත් වී ඇති බවත් කැඩ්මියම්,රසදිය හා ඊයම් අපට බරපතල සෞඛ්‍ය තර්ජන ගෙන එන ජලය තුළ සැගවුණු මාරයන් ත්‍රිත්වයක් බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී  බුද්ධික පතිරණ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.

තවම මේ ත්‍රිත්වය ඉවත් කිරීමට ක්‍රමවේදයක් යොදාගෙන නැති බවත් පානීය ජල ප්‍රභවයන් බරපතල ලෙස දුෂණයට ලක් වී ඇත්තේ මානව ක්‍රියාකාරකම් නිසා බවත් ඒ මහතා සඳහන් කරයි. එක් CFL බල්බයක ඇති රසදිය ප්‍රමාණය වතුර ලීටර් 6000 ක් වකුගඩු ආබාධ ඇති කරන මට්ටමකට දුෂණය කිරීමට හැකියාවක් ඇති බව ඇතැම් විශේෂඥ වෛද්‍ය වාර්තා  තුළ සඳහන් වන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය සමඟ සිදු කළ සාකච්ජාවේ වීඩියෝව පහතින් නරබන්න...


No comments:

Post a Comment

Post Bottom Ad