අද කවුරුත් බනින තිසර එදා හැටි‍්‍රක් එකක් අරගෙන පාකිස්තානයට වැඩ පෙන්නපු හැටි මෙන්න (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

අද කවුරුත් බනින තිසර එදා හැටි‍්‍රක් එකක් අරගෙන පාකිස්තානයට වැඩ පෙන්නපු හැටි මෙන්න (video)

පාකිස්තානය හමුවේ ඊයේ (12) ලද පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිශය දුර්වල පන්දු රැකීම ප්‍රබල සාධකයක් විය. තරඟය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ප්‍රදර්ශණය වූ අතර උඩපන්දු මෙන්ම දුවද්දී දැවීයාම් අවස්ථා ගණනාවක්ද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියා.

පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය රැගෙන ගිය සෆ්රාස් අහමඩ් තිසර පෙරේරාට ලබාදුන් පහසු උඩපන්දුව අත්හැරීම පිළිබඳ මේ වනට ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අදහස් දක්වමින් තිබේ. තිසර පෙරේරාට ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු චෝදනා මුඛයෙන් කතා කරන අයුරුද දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් අද මෙසේ චෝදනාවට ලක්වන තිසර පෙරේරා 2012 වසරේදී සෆ්රාස් අහමඩ්ද ඇතුළුව කඩුළු ත්‍රිත්වයක් ලබමින් පකිස්ථානු කණ්ඩායම දුර්වල කරනු ලැබූවේ මෙලෙසිනි.

No comments:

Post a Comment

Post Bottom Ad