“මම උත්තර දුන්නේ දේශපාලන පක්ෂයක නායකත්වය දරන හිමිනමකට“ - ඩිලාන් කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 22, 2017

“මම උත්තර දුන්නේ දේශපාලන පක්ෂයක නායකත්වය දරන හිමිනමකට“ - ඩිලාන් කියයි (VIDEO)

බොදු බල සේනා සංවිධානයේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ වාග් විලාසයට මෙන්ම උන් වහන්සේගේ දේශපාලන පක්ෂයේ මතයටද තමන් එකඟ නැතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (22) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ය. දේශපාලන පක්ෂයක මතවාදයක් වෙනුවෙන් උන්වහන්සේ පෙනී සිටින බැවින් තමන්ද අදහස් දක්වන්නේ දේශපාලන පක්ෂයක මතවාදයක් පිළිබඳ දේශපාලඥයෙක් ලෙස යැයි රාජය අමාත්‍යවරයා සඳහන් කළේය.

සයිටම් විරෝධය පිළිබඳවද අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ තමන්ද සයිටම් විරෝධියෙක් වුවත් අමාත්‍යාංශයකට පැන රාජ්‍ය නිලධාරීන්ට හිංසා කිරීම අනුමත නොකරන බවයි.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad