"අපිට දාන නීතියම බ්‍රිතාන්‍යටත් ඇමරිකාවටත් දාන්න" - සරත් වීරසේකරගෙන් අභියෝගාත්මක ප්‍රකාශයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

"අපිට දාන නීතියම බ්‍රිතාන්‍යටත් ඇමරිකාවටත් දාන්න" - සරත් වීරසේකරගෙන් අභියෝගාත්මක ප්‍රකාශයක් (VIDEO)

ශ්‍රී ලංකාවේ යුධ අපරාද සිදු වූ බවට පවසමින් දෙමුහුන් අධිකරණයක් පිහිටු වීමට එක්සත් ජාතීන් කටයුතු කරන්නේ නම් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන ඇමරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා සම්බන්ධයෙන් ද එම පියවරම අනුගමනය කළ යුතු බව විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 35 වන සැසිවාරයේ රාජ්‍ය නොවන සංවිධානවලට සිය යෝජනා ඉදිරිපත් කිරීමට ලැබුණු අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය. එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමෙන් අපි සියලු රට වැසියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කරනු ලැබූ නමුත් ඔබ අපගේ හමුදාවන්ට යුධ අපරාද කළ බවට චෝදනා කරමින් යෝජනාවක් සම්මත කරන්නේ ශ්‍රීමත් ජෙෆ්රි නයිස්,ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා වැනි ලෝක පූජිත යුධ අපරාද විශ්ලේෂකයින් යුධ අපරාද කිසිසේත්ම සිදුව නොමැති බවට වාර්තා කර තිබියදී බව වීරසේකර මහතා පැවසීය.

ත්‍රස්‌තවාදීන් ඉදිරියේ කිසිසේත්ම යටත් නොවන බවට ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙන අතර ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අවශ්‍ය නම් එරට මානව හිමිකම් සම්බන්ධ නීතිද වෙනස් කරන බව අග්‍රාමාත්‍ය තෙරේසා පැවසූ බව වීරසේකර මහතා තව දුරටත් පැවසීය. නමුත් ලොව කුරිරුම ත්‍රස්‌තවාදී සංවිධානය පරාජය කළ පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අපට මෙලෙස සලකන බවත් අපගේ සොල්දාදුවන් යම් වරදක් සිදුකර ඇත්නම් ඒ පිලිබඳ අපගේ අධිකරණ මඟින් විමර්ශනය කිරීමට ඉඩ ලබා දෙන ලෙසත් දෙමුහුන් අධිකරණයක් අපගේ සොල්දාදුවන් වෙනුවෙන් පිහිටු වන්නේ නම් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන ඇමරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා සම්බන්ධයෙන් ද එම පියවරම අනුගමනයව කළ යුතු බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad