විග්නේශ්වරන් නිසා වව්නියාවේ උණුසුම් තත්වයක් - පොලිසියත් කැඳවයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

විග්නේශ්වරන් නිසා වව්නියාවේ උණුසුම් තත්වයක් - පොලිසියත් කැඳවයි (VIDEO)

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් අත්තනෝමතිකව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටි පී.සත්‍යලිංගම්ට මසක අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් බව පවසමින් ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් උතුරු මහ ඇමතිවරයාට විරුද්ධව වව්නියාවේ විරෝධතාවක නිරත විය.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාව ආසන්නයට උතුරු මහ ඇමති විග්නේශ්වරන්ගේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණ අදාළ විරෝධතාවට විරෝධය පෑමත් සමඟ දෙපිරිස අතර දැඩි උණුසුම් තත්වයක් හට ගත් අතර තත්වය පාලනය කිරීමට වව්නියාව පොලිසියටද මැදිහත් වීමට සිදු විය. 

උතුරු මහඇමතිවරයාට විරෝධය පෑ ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ ක්‍රියාකාරීන් කියා සිටියේ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුට පමණක් දුෂණ චෝදනා එල්ල වී ඇති අවස්ථාවේදී උතුරු මහ ඇමතිවරයා විසින් අනෙක් අමාත්‍යවරුන් දෙදෙනාටද මසක අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් බවත් වහාම එම තීරණය ඉවත් කර ගත යුතු බවත් පැවසීය.

එම අවස්ථාවේදී අදාළ විරෝධතාවය ඉදිරිපිටට පැමිණි උතුරු මහ ඇමතිට පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණ කියා සිටියේ උතුරු පළාත් සභාවේ සිටින දුෂකයන් පලවා හැරීමට උතුරු මහ ඇමතිගේ තීරණය අගය කරන බවත් උතුරු මහ ඇමති විග්නේශ්වරන් ඉදිරියටද මහ ඇමති වශයෙන්ම සිටිය යුතු බවටත් එතුමන්ට එරෙහිව කිසිවෙකුටත් එරෙහි විමට ඉඩ නොතැබිය යුතු බවත් තව දුරටත් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් දෙපිරිස අතර බහින් බස් වීමක් ඇති වී දැඩි උණුසුම් තත්වයක් ද ඇති වූ අතර පසුව එය ගැටුමක් වීමට ගිය අවස්ථාවේ දී වව්නියාව පොලීසිය මැදිහත් වී තත්වය පාලනය කරන ලදී.  






No comments:

Post a Comment

Post Bottom Ad