පාකිස්ථානු රූපවාහිනියක STUDIO එක ඇතුළේ ජයග්‍රහණය සමරපු වීඩියෝවක් හදිසියේ ප්‍රචාරය වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

පාකිස්ථානු රූපවාහිනියක STUDIO එක ඇතුළේ ජයග්‍රහණය සමරපු වීඩියෝවක් හදිසියේ ප්‍රචාරය වෙයි

චැම්පියන්ස් කුසලාන  අවසාන තරගය ඉතා විශිෂ්ඨ ලෙස ජය ගැනීමත් සමග ඉන්දු - පාකිස්ථාන  ක්‍රිකට්  ඉතිහාසය ඉතා අපූරු විචිත්‍රත්වයකට පත් කර තිබෙනවා. යම් ආකාරයකින් ඊයේ තරගය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළේ නම්  කෝලී, දෝනි, යුවරාජ් වැන්නවුන් ගෙන් පිටිය තුළ දක්නට ලැබෙන ඝන ජයග්‍රාහී හැසිරීම් වලින් පාකිස්තානු ක්‍රිඩකයන් කටයුතු නොකිරීම නිසා පාකිස්ථානු ජයග්‍රහණ සැමරුම ඉන්දීය ජයග්‍රහණයක පිළිකුල් ස්වභාවයක් ගනු ලැබුවේ නැහැ.

එමගින් ඉන්දියාවට ගත හැකි බොහෝ ආදර්ශ තිබූ බව කිව යුතුමයි
ජයග්‍රහණයෙන් පසුව පාකිස්ථානු ක්‍රීඩකයන්ට සුබ පැතුම් එක් කිරීමට පිටියට පැමිණි  ඉන්දීය ක්‍රීඩකයින්ගේ ආචාරශීලී සුබ පැතුම් විලාශය ද පැසසුමට ලක් කළ යුතු වනවා.  මන් ද  පරාජයේ වේදනාවෙන් වියරුවැටී සිටින ආත්මයම ක්‍රිකට් කරගත් ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ට ඉන්දීය කණ්ඩායමේ එම සොදුරු සුබ පැතීම් දැඩි කේන්තියක් ඇති කළ අවස්ථාවක් වූ බව ද නොරහසක්.


“ පැරදුණත් පාකිස්ථාන කාර්යයන් සිප වැළඳගෙන ජයග්‍රහණයට ආශිර්වාද නොකළ යුතුය” යන්න එම නූගත් ඉන්දියානුවන්ගේ මතය වී තිබුණා. එහෙත් මධ්‍යස්ත මතධාරී ඉන්දියානුවෝ පාකිස්ථාන ජයග්‍රහණයේ අමිහිරි වේදනාව යටපත් කර ගැනීම සඳහා ඉතා වගකීමෙන් යුතුව කටයුතු කළ බව ද එරට මාධ්‍ය වාර්තා කළා. ඉන්දු පාකිස්ථාන ක්‍රිකට් තරගයක් පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කළේ වසර 4 කට පසුවයි.


අවසන් වරට පාකිස්ථානු කණ්ඩායම තරගයක් ජය ගෙන තිබුණේ 2013 වසරේ දී එංගලන්තයේදීමයි. පාකිස්ථානු කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එරට රූපවාහිනී නාලිකාවක් සිය ස්ටූඩියෝව තුලදී ජයග්‍රහණයේ සතුට සැමරූ ආකාරයේ වීඩියෝවක් මේ වන විට යූ - ටියුබ් හි මෙලෙස  ඇතුලත් කර තිබුණා.



No comments:

Post a Comment

Post Bottom Ad