අම්මා කෙනෙක් උනත් කලාව ඉදිරියෙ මට නිරුවත් වෙන්න බැරි කමක් නැ ගයේෂා පෙරේරා - Photos - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

අම්මා කෙනෙක් උනත් කලාව ඉදිරියෙ මට නිරුවත් වෙන්න බැරි කමක් නැ ගයේෂා පෙරේරා - Photos

නිරූපණ ශිල්පිණියක් විදිහට ලෝකයට ගිය ඇය වඩාත් කතාබහට ලක්වෙන්නේ රංගනය නිසයි. ඉගිළෙන මාළුවෝ චිත්‍රපටයට නිරුවත් වුණු ඇය ගයේෂා පෙරේරා. දැන් පුතෙක් ඉන්න මවක්. මව් පදවියත් එක්ක රංගනයෙන් විශ්‍රාම යනවද කියලා දැන ගත්තා  මේ ඇයගේ අලුත් තොරතුරුයි.
ගයේෂා අම්මාගේ භූමිකාවත් එක්ක දැන් කාර්යබහුල වෙලා වගේ..?
අම්මා කෙනෙක් විදිහට විතරක් නෙමෙයි බිරිදක්  ගෘහණියක් විදිහටත් කාර්ය  බහුලයි. ගෙදර වැඩ කරන්න මේ දවස්වල කෙනෙක් නැහැ. ඒ නිසා මමම හැමදෙයක්ම තනියමම කර ගන්නවා. කොහොමත් අත දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන් ගැන වත් නොහිතා වැඩ කරන්නේ. මමත් එහෙමම තමයි. පුතාට තවම මාස තුනයි. නම
තේජාන් අශ්වින්.එයා එක්ක තමයි දැන් මගේ දවස ගෙවෙන්නේ.
ගයේෂා කියන්නේ ජාත්‍යන්තරයට ගිය නිරූපිකාවක්. දැන් ලස්සන ගැනවත් හිතන්නේ නැද්ද..?
එකටවත් මට වෙලාවක් නැහැ. මුලුදවසටම මම පහුගිය කාලේ නිදා ගත්තේ පැය දෙක තුනයි. පොඩි හරි විවේකයක් තියෙන්නේ දැන් තමයි. ඒත් පුතා නිදා ගන්න වෙලාවට මම ගෙදර වැඩ කරගන්නවා. මගේ ලස්සන ගැන හිතුවොත් දරුවාගේ වැඩ කරගන්න මට වෙලාවක් නැති වෙනවා. ඒ නිසා තව ටික කාලයක් මෙහෙමම ඉදලා ලස්සනට ඇග හදා ගන්නවා. පුතා ලැබුණට පස්සේ වැඩ නිසාම මම කෙට්ටු වෙලා.
රංගනයට සමුදෙනවද මව් පදවියත් එක්ක..?
මම අලුත් නිර්මාණ නම් තව මාස කිහිපයක් යනකල් භාර ගන්නේ නැහැ. පුතා ඉපදෙන්න කලින් කරමින් හිටපු නිර්මාණයක් තිබ්බා. මේ දවස්වල ඒක විකාශය වෙනවා. ඒ නිසා මට ඒකේ ඉතුරු වැඩ ටික කරන්න යන්න වෙනවා.පුතාවත් අරගෙන තමයි මට රූගත කිරීම් වලට යන්න වෙන්නේ.
ඒ කියන්නේ ගයේෂාව ටික කාලයක් යනකල් දකින්න ලැබෙන්නේ නැහැ නේද..?
මම ගිය අවුරුද්දේ ටෙලි නාට්‍ය 11 විතර රගපෑවා. චිත්‍රපටිත් බොහොමයකට සම්බන්ධ වුණා. මේ හැම නිර්මාණයක්ම හෙට අනිද්දාට විකාශය වෙයි. එතකොට මම නැහැ කියලා කාටවත් හිතෙන්නේ නැති වෙයි. දකින නිසා.මම පොඩි විවේකයක් ගත්තත් දකින්න ලැබෙන එක මටත් සතුටක්.
දැන් ගයේෂා කියන්නේ මවක්. තනිකඩ ජිවිතේ වගේ කැමරාව ඉදිරියේ නිරුවත් වෙන්න බැරි වෙයි. නැත්තම් ඒ වගකීමෙන් මිදිලා ඕනෑම චරිතයක් තෝරා ගන්නවද..?
මම අම්මා කෙනෙක්. නමුත් මම වෘත්තිය රංගන ශිල්පිණියක්. අම්මා කෙනෙක් වුණත් කලා කෘතියකට නිරුවත් වෙන්න හෝ අඩ නිරුවත් වෙන්න බැරිකමක් නැහැ. නිර්මාණයකට සාධාරණයක් කරන්න පුළුවන් වෙන්න ඕන රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිණියකට. නැත්තම් නළුනිලියෝ නෙමෙයිනේ. මටත් පුළුවන්. මොකද මම පවුල අවුල් කරගෙන නැහැ. මම මගේ  ප්‍රතිරූපය හානි කරගෙන නැහැ. පුද්ගලික ජිවිතේ වරද්දා ගත්තොත් තමයි හැමෝම වැරදි ඇහැකින් කලාකරුවෝ දිහා බලන්නෙත්.
එය දරුවාට හානියක් කියලා හිතෙන්නේ නැද්ද..?
මම විතරක් නෙමෙයි නිළියක් විදිහට අම්මා කෙනෙක් වෙන්නේ. ඒ වගේ නිලියෝ ඉන්නවා ඕන තරම්. ඒ අයගේ පවුල් විනාශ වෙලත් නැහැ. දරුවන්ට හානිය වෙලත් නැහැ. මම හිතන්නේ නැහැ මගේ දරුවට හානියක් වෙයි කියලා.
සැමියාගෙන් ඔබේ රංගනයට වාරණ වැටුණොත්..?
එහෙම වෙන එකක් නැහැ. මම කොහොමත් නිර්මාණවලට වාරණ දා ගන්නේ නැහැ. දාගෙනත් නැහැ. එයා මට බාධාවක් කරන එකකුත් නැහැ. මම මගේ වගකීම් ඉටුකරන නිසා හා මගෙන් පවුලට හානියක් වෙන්නේ නැති නිසා.
 





 

No comments:

Post a Comment

Post Bottom Ad