අධිකරණ ඇමති රාජපක්ෂ වෙනුවෙන්,ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට එයි..! (PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

අධිකරණ ඇමති රාජපක්ෂ වෙනුවෙන්,ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට එයි..! (PHOTO)

තමාගේ කීර්ති නාමය බොදුබල සේනාව වැනි අන්තවාදී පිරිස් සමඟ සම්බන්ධ කරමින් හා ගරු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධ කරමින් ප්‍රචාරයක් යන බව ගෝඨාභය රාජපක්ෂ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා. මෙම ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශය බළලා මල්ලෙන් එලියට පැනීමක් බවයි දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ. බොදුබලසේනාව හා විජේදාස රාජපක්ෂ සමඟ ගෝඨාභය රාජපක්ෂගේ කිසිඳු සම්බන්ධයක් නොමැති නම් මේ ආකාරයෙන් කල බල නොවන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

අභියාචනාධිකරණයට හොර වෛද්‍ය සහතික ලබාදෙමින්, අධිකරණයේ පෙනීසිටීම පැහැර හරිමින් සිටින බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්ඩංගුවට නොගන්නේ මන්දැයි රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු පොලිස්පතිගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ“කොහෙද සර් ඥානසාරව අත්අඩංගුවට ගන්නෙ..? එයාව තියං ඉන්නෙ අපේ ඇමති රාජපක්ෂ මහත්තයානේ” කියාය. එකී ඇමතිවරයාට වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු පවසා ඇත්තේ “ආණ්ඩුවෙ ලොක්කො එක එක්කෙනා එක්ක ඩීල් දාගන්නවා. 


අන්තිමට සේරම පව් යන්නෙ අපේ කරපිටින්. අපිට නිදහසේ රාජකාරි කරන්න ඉඩ දෙනව නං අපි දන්නවා කරන්න ඕන දේ” යනුවෙනි. කෙසේ වුවද පොලිස්පතිවරයා එකී ඇමතිවරයාට පවසා ඇත්තේ මහරගම මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට සිදුවූ පහරදීම “ඉන්ෂුවරන්ස් කේස් එකක්” කියාය. එවිට පෙරලා අදාල ප්‍රබල ඇමතිවරයා පොලිස්පතිවරයාගෙන් අසා ඇත්තේ “ඕක ඉන්ෂුවරන්ස් කේස් එකක් නම් අනිත් 20ත් ඉන්ෂුවරන්ස් කේස්ද..? “ යනුවෙනි. ඉන්පසු අදාල ගිනිතැබීමේ CCTV කැමරා දර්ශන එකී මුස්ලිම් ව්‍යාපාරිකයා විසින් ඇමතිවරයාට පෙන්වාදීමෙන් අනතුරුව ඇමතිවරයා පොලිස්පතිවරයාට පවසා ඇත්තේ එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. 

ඉන් අනතුරුව ඊයේ දිනයේ අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. තමා තනතුරේ සිටිනා තාක් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙමියි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළ ද ජනාධිපතිවරයාගේ සෘජු තීරණය වී ඇත්තේ මැතිවරණයේදී ජනතාවට පොරොන්දු වූ පරිදිම පසුගිය ආණ්ඩුවේ සහ මෙම ආණ්ඩුවේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවත් ඒ අනුව කෙලින් තීරණයක සිට ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත්තේ ඕනෑම අයෙකු තරාතිරම නොබලා කැඳවා ප්‍රශ්න කරන ලෙසත් ඔවුන් යම් වැරදි කළ ඇත්නම් ඒ සඳහා නිසි දඬුවම් ලබා දෙන ලෙසත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad