රවී රූපවාහිනියට – සමන් ITN එකට යළි පත්කරයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

රවී රූපවාහිනියට – සමන් ITN එකට යළි පත්කරයි !

ජාතික රූපවාහිනියේ හිටපු සභාපති නීතීඥ රවී ජයවර්ධන මහතා ම යළිත් රූපවාහිනියේ සභාපති තැනට පත්කර ඇති අතර ස්වාධීන රූපවාහිනියට ද හිටපු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාම යළි පත්කර ඇතැයි වාර්තා වේ. ඔවුන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් අද (19) පෙරවරුවේ අදාළ පත්වීම් ලබාගෙන ඇති බවද පැවසේ.

කැබිනට් සංශෝධනයෙන් පසුව රවී ජයවර්ධන මහතා ද සමන් අතාවුදහෙට්ටි මහතා ද සමරවීර මහතාගේ අභිමතය පරිදි අදාළ ධූරවලට සභාපතිවරුන් පත් කිරීමට අවස්ථාව සලසා දෙමින් ඉල්ලා අස්වීමට කටයුතු කර තිබිණි.

ලේක්හවුස් හා ගුවන් විදුලි මහපුටු වෙනසක්

මේ අතර, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපතිවරයා හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මුල් පුටුවල වෙනසක් සිදුවීමට නියමිත බවද වාර්තා වේ.


harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad