පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත FB ස්ටේටස් දමා හදිසියේම ඉවත්වෙලා

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතකු කරන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්වීමට හදිසියේ තීරණය කර ඇති බව ඔහු ෆේස්බුක් ගිනුමේ සටහනකින් දන්වා ඇත. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතු වශයෙන් සඳහන් කර ඇත.

රුවන් ගුණසේකර මහතා නව මාධ්‍ය ප්‍රකාශක වනු ඇතැයිද එකී සටහනේ දැක්වේ. කෙසේ වෙතත පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ ගැන නිල තොරතුරු දන්වා නැත. පසුගියදා ඩුබායිහි සැඟවී සිටින පාතාල නායක මධුෂ් ගැන ආවේගශීලී ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කිරීම නිසාද මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ගැන කථාබහට ලක්විය. 





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment