පන්සලේ බෑග් සොරකම CCTV කැමරාවේ

ගැටඹේ රාඡෝපවනාරාම විහාරස්ථානයේ වන්දනා මාන සඳහා පැමිණෙන පිරිස්වල ගමන් මලු සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබෙන බව පේරාදෙණිය පොලිසිය පවසනවා.

ඊයේ (23)  පැමිණි කාන්තාවකගේ ගමන් මලුව සොරාගන්නා ආකාරය ද විහාරස්ථානයේ සවිකොට ඇති සී.සී.ටී.වී. දර්ශන තුළ අන්තර්ගතව ඇති බවයි පොලිසිය පෙන්වා දුන්නේ. ගමන් මලු තබන ස්ථානයේ තම  මලු තබා විහාරයට පැමිණ  වන්දනා මාන කරන අතර  එය සොරෙකු විසින් පැහැරගෙන ඇති බව එම කාන්තාවන් දෙදෙනා පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම ගමන් මලු සොරා ගන්නා අවස්ථාවේ සී.සී.ටී.වී. දර්ශන මගින් ලබාගත් ඡායාරූප පහතින් දැක්වෙනවා.









Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment