අවිගත් පොලිස් බළමුළු 'ලහිරු වීරසේකරව අල්ලාගත් අවස්ථාවේ' CCTV දර්ශන (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර  අත්අඩංගුවට ගැනීමට අදාල CCTV දර්ශන වනවිට සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර තිබෙනවා.

කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වා එම ස්ථානයෙන් පිටවෙද්දී ඔහු සහ තවත් ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයකු මෙලෙස (23) අත්අඩංගුවට ගැනුණා. නිළ ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි එම දර්ශනවල දැක්වෙන්නේ.

පසුව ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ජූලි 5 වැනිදා දක්වා  රිමාන්ඩ් කරනු ලැබුවා. CCTV දර්ශන පහතින් නැරඹිය හැකියි.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment