ඇමති ජෝන්ට විනය පරීක්ෂණ කළ යුතුයි - එ.ජා.ප හිටපු මහ ලේකම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

ඇමති ජෝන්ට විනය පරීක්ෂණ කළ යුතුයි - එ.ජා.ප හිටපු මහ ලේකම්

ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය  විසින් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එහි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා.

ජෝන් අමරතුංග අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට බැණවැදී තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්
වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මේ බව කියා සිටියා. හෙතෙම සඳහන් කළේ එවැනි බරපතල චෝදනාවක් පිළිබඳව පරීක්ෂණ සිදු නොකරන්නේ නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය අනුබල ලබා දෙන බවට නිගමනය බව බවයි.

අමාත්‍යාංශ පැවරීමේදී ආණ්ඩුව තුළ අර්බුධකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ වර්තමානය වන විට අමාත්‍යාංශවල මූලික පරමාර්ථයන් ද ගිලිහී ගොස් ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad