සංගක්කාරගෙන් තවත් විශිෂ්ට ඉනිමක්:සරේ කණ්ඩායම අවසන් මහා තරගයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

සංගක්කාරගෙන් තවත් විශිෂ්ට ඉනිමක්:සරේ කණ්ඩායම අවසන් මහා තරගයට

එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන ‘රෝයල් ලන්ඩන්’ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වූස්ටර්ෂයර් ප්‍රන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 153 ක් ලකුණු ක දැවැන්ත ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට  සරේ කණ්ඩායම ඊයේ(17) සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ ප්‍රාන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 363 ක් ලබගත් අතර වූස්ටර්ෂයර් ප්‍රන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 210ක් පමණි. එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ කුමාර් සංගක්කාර  ලකුණු 73 ක් රැස්කිරීමට සමත් වූ අතර  යෝක්ෂයර් පිලට එරෙහිව පෙර පැවැති තරගයේදී ද ලකුණු 121 ක් ලබාගත්තේය.

මෙවර ‘රෝයල් ලන්ඩන්’ කුසලාන තරගාවලියේදී සංගක්කාර ලබාගත් තෙවැනි අර්ධ ශතකය මෙය වන අතර පන්දු 72 කදී වාර්තා වූ ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය. මේ වන විට රෝයල් ලන්ඩන් කුසලාන තරගාවලියේ තරග 9 කට ක්‍රීඩා කර ඇති සංගක්කාර එහිදී ශතක 2 ක්ද සමගින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 515 කි. ඒ අනුව ඔහු වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ පසුවේ.

තරගයේ ලකුණු පුවරුව පහතින්...


No comments:

Post a Comment

Post Bottom Ad