ඇමති රවීට ලොතරැයි මණ්ඩල අහිමි වන ලකුණු.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

ඇමති රවීට ලොතරැයි මණ්ඩල අහිමි වන ලකුණු..

මුදල් අමාත්‍යාංශය යටතේ මෙතෙක් පැවැති ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයිය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පත් කෙළේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව ජනතාව තුළ කුතුහලයක් ඇති බවත් ලොතරැයි සහ විදේශ කටයුතු අතර ඇති සම්බන්ධය සිය සංගමයට පැහැදිලි නැති බැවින් ඒ පිළිබඳව ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අද (12දා) විධායක සභාවේදී තීන්දුවක් ගන්නා බව සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පවසනවා.

විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයාව සිටියදී 2017 අය – වැය ලේඛනයෙන් තමා යටතේ තිබූ ලොතරැයියක මිල රුපියල් 20 සිට 30 දක්වා දක්වා වැඩි කළ අතර එයට එරෙහිවූ ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය ලොතරැයි අලෙවියද තාවකාලිකව නවතා දැමීය. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් යළි ලොතරැයියක මිල රුපියල් 20 බවට පත් කළ අතර ඉන් පසු සංගමය යළිත් ලොතරැයි අලෙවිය ආරම්භ කළේය. 


මෙම ආයතන සම්බන්දව රවී කරුණානායක අමාත්‍යවරයා ජනාධිපතිතුමන්ට සහ අග්‍රාමාත්‍යතුමන්ට යම්කිසි බලපෑමක් කර ඇතිදැයි යන්න පිළිබඳව ලොතරැයි අලෙවිකරුවන් අතර ප්‍රශ්නයක් මතු වී තිබේ.එසේ සිදුවී ඇත්නම් වහාම මෙම ආයතන යලි මුදල් අමාත්‍යංශයට ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නලෙස බල කරන බව ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පවසනවා.

harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad