උපාධිධාරී ගුරු විභාගයේ ප්‍රශ්න පත්‍රයේ දෝෂ රැසක් ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

උපාධිධාරී ගුරු විභාගයේ ප්‍රශ්න පත්‍රයේ දෝෂ රැසක් ?

උතුරු පළාතේ රජයේ පාසල්වලට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා පසුගිය (17) තරඟ විභාගයක් පැවතුණි.එහි ලබා දුන් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ දෝෂ ගණනාවක් තිබීම නිසා විභාගයට මුහුණදුන් පිරිසට විශාල අසාධාරණයක් සිදුවනු ඇතැයි විභාග අපේක්ෂකයින් කියා සිටිති.

එම ප්‍රශ්න පත්‍රයේ බොහෝ ප්‍රශ්න වැරදි බවත් ඇතැම් ප්‍රශ්නවලට ලබා දීමට කිසිදු පිළිතුරක් නොමැති බවත් ඔවුන් තව දුරටත් ප්‍රකාශ කර ඇත. බුද්ධි පරීක්ෂණයේ ගණිත ගැටළු සියල්ලම වැරදි බවත් බොහෝ මුද්‍රණ දෝෂ හා වියරණ දෝෂ තිබීම හේතුවෙන් තමන් සපයන පිළිතුරු සියයට සියයක් නිවැරදි නැතැයි පවසන අපේක්ෂකයෝ සාවද්‍ය ලෙස සකසන ලද ප්‍රශ්න සඳහා තමන්ට නියමිත ලකුණු ප්‍රමාණය ලබා දීමට බලධාරීන් අවධානය යොමු කළ යුතු බව ද කියා සිටිති.

විභාගය සමත් වීමට ලකුණු 40ක් ලබා ගත යුතු නමුත් වැඩිම ලකුණු ප්‍රමාණයක් ගත් පිරිසට පමණක් ගුරු පත්වීම් ලැබෙන බවද ඔවුන් වැඩි දුරටත් කියා සිටියේය. මෙම අසාධාරණය සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු විය යුතු බව විභාගයට මුහුණ දුන් පිරිස කියා සිටිති.

(දිනසේන රතුගමගේ)

No comments:

Post a Comment

Post Bottom Ad