අපේ ආටිස්ලා පාවිච්චි කරන සුපිරි අත් ඔරලෝසු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

අපේ ආටිස්ලා පාවිච්චි කරන සුපිරි අත් ඔරලෝසු

පහුගිය වතාවේ අපි කතා කළේ ආටිස්ලගේ වාහන ගැන. අද ඔයාලගේ උනන්දුව වැඩි වෙන තවත් දෙයක් අද අපි කතා කරනවා. තරු තමන්ගේ LifeStyle එක හැඩකරගන්න එදිනෙදා පාවිච්චි කරන දේවල් අතරේ අත් ඔරලෝසුවට හිමිවන්නේ ඉහළ තැනක්. ඒ සුවිශේෂී බව හින්දම වටිනාකමින් වැඩි අත් ඔරලෝසු පාවිච්චි කරන තරු ඒ ගැන අපට කිව්වේ මෙහෙමයි.

යුරේනි නොෂිකා...
අත් ඔරලෝසුවක් නම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මං මුල් කාලේ ඉඳන්ම Sports ඔරලෝසුවක් පාවිච්චි කරන්න හිතුවා. දැන් Taguwa Formulla 01 ඔරලෝසුවක් පාවිච්චි කරනවා. Sports ඔරලෝසුවක් පාවිච්චිය හරි පහසුවක්. ලොකු විලාසිතා තියෙන අත් ඔරලෝසුවලට මගේ කැමැත්තක් නෑ.

රිතු ආකර්ෂ...
කාලයක් තිස්සෙම මම පාවිච්චි කරන්නේ Wasabi Brand එකේ අත් ඔරලෝසු. මුල් කාලේ Coca Canel වගේ ඔරලෝසු මට තෑගිවලට ලැබිලා තියෙනවා. තෑගී දෙන අයත් මං පාවිච්චි කරන Brand එකේ අත් ඔරලෝසු දෙනවා. හැබැයි Wasabi තරම් මගේ හිතට අල්ලපු ඔරලෝසුවක් තවත් නැහැ.

නිරෝෂා විරාජිනී...
මං මේ දවස්වල Rado අත් ඔරලෝසුවක් පාවිච්චි කරනවා. යුරෝපයේ පවා පිළිගත් Brand එකක් හින්දම ඒකට විශේෂ කැමැත්තක් තියෙනවා. ඒ වගේම Rado මගේ අතටත් ගැළපෙන විලාසිතා තියෙනවා. Rado වලට අමතරව මියුසිකල් ෂෝවලට යනකොට Fancy අත් ඔරලෝසු පළඳින එකත් මගේ පුරුද්දක්. Rado ඔරලෝසු රාජකාරි වැඩකට යද්දී ගොඩක් ගැළපෙනවා. මගේ ගානට Rado ගැළපෙනවා.

සුරාජ් මාපා...
මගේ විනෝදාංශය අත් ඔරලෝසු එකතු කරන එක. දැනට ඒ ඔරලෝසු එකතුවේ පොසිල්, Germony වගේ කිහිපයක්ම තියෙනවා. මං දැනට පාවිච්චි කරන්නේ POlice බ්‍රෑන්ඩ් එක. උත්සවයකට ගමනකට යනකොට සපත්තුවලට ෂර්ට් එකට ගැළපෙන අත් ඔරලෝසුවක් බඳින එක දැන් පුරුද්දකට ගිහින්. මගේ අත් ඔරලෝසු එකතුවට ලැබුණු ඔරලෝසු ඔක්කොම වගේ මට තෑගී ලැබුණු ඒවා. කවුරු හරි තෑග්ගක් ගේන්න ඇහුවම ඔරලෝසුවකට කැමතියි. මට තියෙන අත් ඔරලෝසු ගාන කියන්න බෑ.

ඉරාජ් වීරරත්න...
මං පාවිච්චි කරන්නේ TAG අත් ඔරලෝසුව. ඒක හැර වෙන අත් ඔරලෝසු මා ළඟ නෑ. අනික TAG කියන්නේ ලයිෆ් ටයිම් පාවිච්චි කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක්.

දිල්හානි අශෝකමාලා...


මට විශේෂ අත් ඔරලෝසුවක් නෑ. දැනට ගමනක් යනකොට TITAN අත් ඔරලෝසුවක් පාවිච්චි කරනවා. අත් ඔරලෝසු දෙකක් තියෙනවා. 

නදීෂ නිර්මාණ හේරත් (ජනයුගය – 2017-06-25)

No comments:

Post a Comment

Post Bottom Ad