ප්‍රින්ස්‌ගේ රෝහල් බිල ගෙවන්න සංගීත ප්‍රසංගයක්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

ප්‍රින්ස්‌ගේ රෝහල් බිල ගෙවන්න සංගීත ප්‍රසංගයක්‌

මියගිය ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්තගේ පෞද්ගලික රෝහල් ගාස්‌තුව වන රුපියල් ලක්‌ෂ 25 ක මුදල සොයා ගැනීමට සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්‌කුවෙල් මහතා පැවසූවේ ඒ ලැබෙන මුදල් සියල්ලක්‌ම රෝහල් ගාස්‌තුව වෙනුවෙන් පරිත්‍යාග කරන බවත් කලා රසිකයන්ට ඒ සඳහා උදව් කළ හැකි බවත්ය.

කොළඹ පෞද්ගලික රෝහලෙන් ප්‍රින්ස්‌ගේ දේහය නිදහස්‌ කර ගැනීම සඳහා රුපියල් ලක්‌ෂ 25 ක බිල්පතක්‌ රෝහලට ගෙවීමට තිබූ බවත් එය මසක්‌ ඇතුළත ගෙවන ලිත පොරොන්දුව මත දේහය නිදහස්‌ කර ගත් බවත් ඒ මහතා සඳහන් කළේය.

“දැන් මේ රෝහලේ බිල ගෙවන්න අවශ්‍ය මුදල හොයාගන්න මහරගම ජාතික තරුණ සේවා සභාවේදී සංගීත ප්‍රසංගයක්‌ පවත්වන්න තීරණය කළා. ගායක ගායිකා සංගමයෙන් නොවෙයි. මම මේක පුද්ගලිකව මැදිහත්වෙලා සංවිධානය කරනවා. ඒ ප්‍රසංගයෙන් ලැබෙන සියලුම මුදල් අපි ප්‍රින්ස්‌ගේ රෝහල් බිල්පත වෙනුවෙන් පරිත්‍යාග කරනවා. දැන් අපි දන්නවා ප්‍රින්ස්‌ නැගනියටත් මුදල් නැහැ කියලා. 

ඇය පසුගිය වසර දෙකහමාරක්‌ තුළ ප්‍රින්ස්‌ගේ රෝහල් ගාස්‌තු හා බෙහෙත් හේත් සඳහා රුපියල් ලක්‌ෂ 125 ක්‌ විතර වැය කරල තිබෙනවා. පරිත්‍යාශීලීන්ගෙන් ඇයට ලැබුණු මුදල් හා ඇගේ ඉඩ කඩම් විකුණලා ගත්තු මුදල් තමයි වැය කළේ. ඉතිං කලාකරුවන් වශයෙන් අපිද හිතුවා මියගිය ප්‍රින්ස්‌ට උපහාරයක්‌ වශයෙන් උදව් කරන්න.“ යැයි කීර්ති පැස්‌කුවෙල් මහතා පැවසී ය.


No comments:

Post a Comment

Post Bottom Ad