කොළඹ කුණු මේ සතියෙ ඉවත් කරනවා – ඉසුර

කොළඹ නගර සීමාව තුළ ගොඩගැසී ඇති කුණු මේ සතිය අවසන් වීමට පෙර ඉවත් කරන බව. බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මාධ්‍යට ඊයේ (19 වැනිදා) පැවසීය.

තමාට කොළඹ කුණු

දින තුනක්‌ ඇතුළත ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිදු පාර්ශ්වයක්‌ දැනුම් නොදුන් බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

“කොළඹ කුණු මේ සතිය ඇතුළත අස්‌ කරනවා. මම අදත් කොළඹ නගරයේ කුණු නිරීක්‍ෂණය කළා. ඒවා ට්‍රැක්‌ටර්වලින් අදිනවා. මේක වෙලා තියෙන්නේ ජනතාව කසළ වර්ගීකරණය කරන්නේ නැතිව තැන තැන කුණු දමා යැම නිසයි. 

දැන් කුණු අරන් යනවා. වර්ගීකරණය කරන්නේ නැතිව කුණු විසි කරලා යන අය අත්අඩංගුවට ගන්න කියලා පොලිසියට කියලයි තියෙන්නේ. නගරය සුපිරිසිදු නගරයක්‌ බවට පත්කිරීමයි මගේ අරමුණ.”
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment