මිතුරු වෙසින් මුදල් වංචා කළ අයෙක් අල්ලපු හැටි මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

මිතුරු වෙසින් මුදල් වංචා කළ අයෙක් අල්ලපු හැටි මෙන්න

කුලී ගමන් සඳහා රථ වාහන ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු අල්ලා පොලීසියට භාරදීමේ පුවතක් කඩවත ප්‍රදේශයෙන් වාර්තා වනවා. එලෙස අදාළ පුද්ගලයා අල්ලා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලයට ලක්ව තිබෙනවා.

සංගීත කණ්ඩායම්වල සාමාජිකයන්ගේ මිතුරෙකු ලෙස පෙනී සිටිමින් ඔවුන්ට කතා කොට ඔවුන්ගේ වාහන හෝ එම සාමාජිකයන් හරහා සම්බන්ධ කර ගනු ලබන පුද්ගලයන්ගෙන් මෙලෙස මුදල් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් සීරියස් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සහ තවත් පිරිසක් එක්ව මෙම  පුද්ගලයා පසුගියදා කඩවත ප්‍රදේශයේදී අල්ලාගෙන පොලීසියට භාරදී තිබෙනවා.


ඊට අදාළ වීඩියෝව
හතින් දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad