මට්ටක්කුලියේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකු අල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

මට්ටක්කුලියේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකු අල්ලයි

මට්ටක්කුලිය - රොඩරියෝ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වත්තල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටියදී අවුරුදු 22 ක් වයසැති මෙම සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.  මෙම ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය මොහු විසින් සපයා ඇති බවට චෝදනා එල්ලවනවා. තම බිරිඳ සහ දරුවා සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය 5 වනදායි.

No comments:

Post a Comment

Post Bottom Ad