“එජාපය ගොට්ටන් පිරුණු ගව මඩුවක්“ - එජාපයෙන් දොට්ට දැමූ මන්ත්‍රී එජාපය පතුරු ගසයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

“එජාපය ගොට්ටන් පිරුණු ගව මඩුවක්“ - එජාපයෙන් දොට්ට දැමූ මන්ත්‍රී එජාපය පතුරු ගසයි

අද වන විට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රභූ පංතියේ මිතුරන්ට ආවඩන කොන්දක් නැති ගොට්ටන් පිරුණු ගව මඩුවක් බවට පත් කර ඇති බව එජාප බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අනුරාධ විමලරත්න මහතා පවසයි.

ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කරමින් එවන ලද ලිපියද සමගින් ෆේස්බුක් සමාජ ඡාල වෙබ් අඩවියේ ඔහු මේ බව සඳහන් කර තිබේ. 

පාක්ෂිකයාට වන අසාධාරණය වෙනුවෙන් හඩ නැගීම හා රජයේ මැති ඇමැතිවරුන්ගේ ජනතා විරෝධී තීරණ විවේචනය කිරීමේ වරදට මාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැනුම් දී ඇති බවද අනුරාධ විමලරත්න මන්ත්‍රීවරයා එහි සඳහන් කර තිබේ. මේ අතර මන්ත්‍රීවරයාගේ එම ෆේස්බුක් සටහනට ඒකාබද්ධ විපක්ෂයේ ධනසිරි අමරතුංග මහතාද අදහස් දක්වා තිබෙනු දක්නට ලැබිණි.

එම සටහන පහතින්,

Image may contain: text
Image may contain: 1 person, text

No comments:

Post a Comment

Post Bottom Ad