උසේන් බොල්ට් සමුගන්නා කඳුළු සැලූ ජැමෙයිකාවේ අවසන් තරගය

සිය ජන්මභූමිය වන ජැමෙයිකානු පොළොවේ සහභාගී වෙන අවසන් මීටර් සීය කෙටි ධාවන තරඟය ජයගත් ජගත් ධාවන ශූර උසේන් බෝල්ට් වෙනුවෙන් ජයහඬ නැගීමට දස දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රැස්ව සිටියහ.


ලෝක මළල ක්‍රීඩා ඉතිහාසයේ සදාකාලික වීරයා වන උසේන් බෝල්ට් මෙම තරඟයේ දී කිසිදු චකිතයකින් තොරව ඊට සහභාගී වෙමින් ජයග්‍රහණය වාර්තා කළේය. මීටර් සීය ධාවන පථයෙහි තමා කිසිදාක දැඩි මානසික කැළඹීමකට පත්ව නැති බව ඔහු පවසයි. ඔහු ඊයේ(11)තරඟය නිම කළේ තත්පර 10.03 කාලයකිනි. අද තරඟය අතරවාරයේ අපරාජිත ක්‍රීඩකයාට ශුභ පැතීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණ සිටි දස දහස් සංඛ්‍යාත ජනතාව සමඟ ජැමෙයිකාවේ අගමැතිවරයා සහ ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ එක්ව සිටියහ.

ඔලිම්පික් රන් පදක්කම් අටක් දිනා සිටින උසේන් බෝල්ට් දැනට මීටර් සීය සහ දේශීය තරඟ ඉසව් සඳහා වන ලෝක වාර්තාවට ද හිමිකම් කියයි. ලබන අගෝස්තු මාසයේ ලන්ඩන් නගරයේ පැවැත්වෙන ලෝක ශූරතා තරඟාවලියෙන් අනතුරුව ක්‍රීඩාවෙන් සමු ගැනීම තිස් හැවිරිදි උසේන් බෝල්ට්ගේ සැලැස්මයි.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment