කාලගුණයේ යළි වෙනසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

කාලගුණයේ යළි වෙනසක්

කාලගුණයේ යළි වෙනසක්
විශේෂයෙන් උදෑසන සහ රාත්‍රී කාලයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල මි.මී.50 ට වැඩි තරමක් තද වැසි ද බලාපොරොත්තු විය හැකි බව නිවේදනය කර ඇත. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad