විදුලි සේවකයෝ වර්ජනයකට සැරසේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

විදුලි සේවකයෝ වර්ජනයකට සැරසේ

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ට 2015 වසරේ ලබාදුන් වැටුප් වැඩිවීමේදී සිදුවූ විෂමතා රැසක් පවතින බවත් එම විෂමතා ඉවත් කරන ලෙස බල කරමින් මේ මස 28 වනදා වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

ඊයේ(17) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් කියා සිටියේ එදිනට රැස්වී අඛන්ඩ වැඩවර්ජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් තීන්දුවකට එළඹෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad