ජනපති පත්කල අලුත් ලේකම්වරයා රාජිත එපා කියයි - සෞඛ්‍යයට වෙනත් ලේකම්වරයෙක්?

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට පත් කෙරුණු නව ලේකම්වරයා වෙනත් ලේකම්වරයෙකු පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනත් ලේකම්වරයෙකු පත් කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස උදය ආර්. සෙනෙවිරත්න මහතා පත් කෙරෙනු අතර ඔහු මේ වන තෙක් රාජකාරී බාරගෙන නොමැත.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment