වර්ජනය නිම කළ වෛද්‍යවරු නව සභාපතිවරයෙක් පත් කර ගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

වර්ජනය නිම කළ වෛද්‍යවරු නව සභාපතිවරයෙක් පත් කර ගෙන

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය යළි පත්වී තිබෙනවා. ඒ එම සංගමයේ ඊයේ (24) පැවති මහ සභා රැස්වීමේදීයි. සංගමයේ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය හරිත අලුත්ගේ පත් කර ගැණුනා. 

අද (25) පෙරවරුවේ සිට රජයේ රෝහල්වල ප‍්‍රතිකාර කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කළා. මේ අතර ඊයේ පැවති වැඩවර්ජනය අතරතුර දී හලාවත මහ රෝහල තුළට කඩා වැදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලිසිය පවසනවා.

ඒ එම රෝහලේ වෛද්‍යවරුන් කළ පැමිණිල්ලකට අනුවයි. ඊයේ පෙරවරුවේ රෝහලේ බාහිර රෝගී අංශයට කඩා වැදුණු නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට බාධා වන අයුරින් හැසිරී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad