ලන්ඩන් ගින්නට බිලිවූ පවුලක අවසාන මොහොත

ලන්ඩනයේ තට්ටු 24 ක නිවාස සංකීර්ණයක් ගින්නකින් විනාශ වී ගියේ ඊයේ. මේ ගින්නෙන් මේ වෙද්දී 12 ක් අතුරුදන්. තවත් 70 ක් රෝහලේ. තවත් 50 ඉක්මවූ සංඛ්‍යාවක් අතුරුදන්. 

මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහල් තුනේ කිසිවෙකුත් බේරී නැති බවටත් තොරතුරු වාර්තා වෙනවා. මේ නිවාස සංකීර්ණයේ 23 වෙනි මහලේ ජීවත්වුණු රානියා ඉබ්‍රහිම් (Rania Ibrham) මේ ගින්නට හසුවුණා. 

ඊට කලින්, තමන් සහ පවුලේ අය ගින්නට හසුවෙන බව සහ ගින්නට කොටුවෙලා ඉන්න බවත්, ගින්නෙන් එන දුමෙන් හුස්ම ගන්න බැරි බවත් වීඩියෝවක් මගින් ඇය දැනුම් දෙනවා. මේ වීඩියෝව ෆේස්බුක් ඔස්සේ දැනුම් දෙමින් ඇය තමන්ව බේරගන්න කියාල් ඉල්ලා හිටියා. ඒත් ඔවුන් බේරගන්න බැරිවුණා. මේ වෙනකම් ඔවුන්ගේ මළ සිරුරක්වත් හොයාගෙන නැහැ.






Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment