ඇමතිවරු දෙදෙනෙකුට ඉල්ලා අස්වෙන්නැයි උතුරේ මහ ඇමති කියයි - ඇමති බලතල මහ ඇමති යටතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

ඇමතිවරු දෙදෙනෙකුට ඉල්ලා අස්වෙන්නැයි උතුරේ මහ ඇමති කියයි - ඇමති බලතල මහ ඇමති යටතට

උතුරු පළාත් සභාවේ දුෂණ චෝදනා ලත් අමාත්‍යවරුන් සිව්දෙනාට අයත් කමිටු වාර්තාව අද (14) දින පළාත් සභාවේ විවාදයට ගත් අවස්ථාවේදී අමාත්‍යවරුන් දෙදෙනෙකුට ඉල්ලා අස්වන ලෙසත් ඉතිරි අමාත්‍යවරුන් දෙදෙනාට මාසයක නිවාඩු කාලයක් ගන්නා ලෙසත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ප්‍රකාශ කළේය.

මේ අනුව අධ්‍යාපන,තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය ටී.ගුරුකුලරාජා මහතාට සහ කෘෂිකර්ම,ගොවිජන හා පසුසම්පත් අමාත්‍ය පී.අයින්කරනේෂන් මහතාට ඉල්ලා අස්වන ලෙසත් ධිවර,ප්‍රවාහන හා වෙළඳ කටයුතු අමාත්‍ය බී.ඩෙනිස්වරන් මහතාට හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතාට දුෂණ කමිටු වාර්තාවේ පරීක්ෂණ පැවැත්වෙන බැවින් මසක නිවාඩු කාලයක් ලබා ගන්නා ලෙසට ද මහ ඇමතිවරයා දැනුම් දුන්නේය.

එම අමාත්‍යවරුන් සිව්දෙනාගේ සියලුම අමාත්‍යංශවල බලතල තාවකාලිකව තමන් යටතට ගන්නා බවට ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පළාත් සභා සභාපති සී.වී.කේ.සිවඥනම් මහතා වෙත දැනුම් දෙනු ලැබීය. මෙහිදී චෝදනා ලැබ සිටි අමාත්‍යවරුන් කියා සිටියේ තමන් අදාළ චෝදනාවලට වැරදිකරුවන් නොවන බැවින් ප්‍රධාන අමාත්‍යවරයාගේ තීරණයට එකඟවන බවය.

අදාළ තීරණය වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියද ඒ අවස්ථාව නොලැබීම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්‌ සියළුදෙනාම සභාවෙන් ඉවතට ගිය බව ටී.ජයතිලක මහතා කියා සිටියේය. අදාළ අමාත්‍යංශ ධුරයන්හී පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට එළඹෙන 22 වැනිදා පැවැත්වෙන සැසිවාරයේදී සිදුවන බව ජයතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(වන්නි-රොමේෂ්)    

No comments:

Post a Comment

Post Bottom Ad