'බෑණාට ඇමතිකමක් දුන්නොත් මහින්දගේ ෆයිල් දෙන්නං' - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

'බෑණාට ඇමතිකමක් දුන්නොත් මහින්දගේ ෆයිල් දෙන්නං'

පසුගියදා සිද්දවෙච්ච කැබිනට් සංශෝධනයෙදි ශ්‍රී ලංකාවෙ එක්තරා ජනාධිපති නීතිඥවරයෙකු දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රමට කතාකරලා තියනවා. 

දවසකට තුන් හතර වතාවක් කතාකරන මේ ජනාධිපති නීතිඥයා දිගින් දිගටම ඉල්ලලා තියෙන්නෙ තමන්ගෙ දියණිය විවාහ කරගෙන ඉන්න දකුණු පලාතෙ, එහෙමත් නැත්නම් මාතර මන්ත්‍රීවරයෙක් වන තමන්ගෙ බෑණාට කෙසේ හෝ කවරාකාරයේ ඇමතිකමක් හෝ නියෝජ්‍ය ඇමතිකමක් ලබාදෙන ලෙසයි.

මිනිහගෙ තරම දන්න එජාප සභාපතිවරයා එක එක දේවල් කිය කිය ඇඟ බේරගන්න හැදුවලු. අවසාන මොහොත දක්වාම මහින්දගෙ තුරුල්ලෙ හිටපු, මහින්ද රාජපක්ෂගෙන් තානාපතිකම් ලබපු මේ කළගුණ නොදන්න පුද්ගලයා මලික්ට කියනවලු 'මලික්, ඔයා මගේ බෑණගෙ වැඩේ කරලා දෙන්න. ඒ වැඩේ කළොත් ඕගොල්ලන්ට තියා CID එකටවත් හොයාගන්න බැරි මහින්ද රාජපක්ෂගෙ නියම ෆයිල් ටිකක් මං උඹලට දෙන්නං. මගෙ ලඟ තියන බඩු කාගෙ ලඟවත් නෑ. 


අවුරුදු 20 කටත් වැඩි කාලයක් මහින්දගෙ හැම නඩුවකටම පෙනී හිටියෙ මම. මගේ ලඟ තියන ඩොකියුමන්ට්ස් කාගෙ ලඟවත් නෑ. ඒවා එලියට දැම්මොත් මහින්ද මැරෙනකංම හිරේ යවන්න පුලුවන්' කියලා. අන්තිමට මේ ජනාධිපති නීතිඥවරයගෙ ඔෆර් එක ගැන එජාපයේ ඉහළ කට්ටිය කතාවෙලා තියනවා. අවසානයේ හැමෝම තීරණය කරලා තියෙන්නෙ 'මහින්දගෙන් ඔච්චර වැඩක් ගත්ත මේ මනුස්සයා ඩෙපියුටි මිනිස්ටර්කමක් වෙනුවෙන් තමන්ගෙ සේවාදායකව පාවා දෙන්න සූදානම් නම් පක්ෂෙට මොනවගේ අනතුරක් මේ මනුස්සයා කරයිද' කියලා.

අපිට ආරංචි හැටියට දැන් මේ ජනාධිපති නීතිඥවරයා මලික්ටයි රනිල්ටයි පස් පඩංගුවේ බැන බැන යනවලු, 'ඕකුන් සේරටම මං කෙලවන්නං, ජනාධිපතිතුමා ඉන්නෙ මගෙ අල්ලෙ' කියලා. ඒකත් හැබෑව තමයි. මොකද, ජනාධිපතිතුමා පහුගිය කාලෙ මේ මනුස්සයව TRC එකේ ලොක්කෙක් කරා නෙ. මෛත්‍රීපාල සිරිසේනටත් වැඩිය හතුරො අවශ්‍ය නෑ මේ වගේ මිතුරො දෙන්නෙක් හිටියම ඇති. පස්සෙ කාලෙක මහින්දට කතාකරලා කියයි 'බෑණට අහවල් ඇමතිකම දුන්නොත් මෛත්‍රීගෙ ෆයිල් දෙන්නං' කියලා.

-LNW

No comments:

Post a Comment

Post Bottom Ad