ගස් කපා ෆේස්බුක් දැමූ ‘ඇමති තෙවරප්පෙරුමට’ දැඩි චෝදනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

ගස් කපා ෆේස්බුක් දැමූ ‘ඇමති තෙවරප්පෙරුමට’ දැඩි චෝදනාවක්

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ගස් කපන ඡායාරූප පෙළක් ඔහුගේම ෆේස්බුක් ගිණුමට පසුගිය දා එක්කර තිබුණා. බුලත්සිංහල තිබොට්ටව  නාය යෑමේ අවධානම් ඇති ප්‍රදේශයක මෙම ගස් කැපීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විශාල ගස් නිවෙස්වලට කඩා වැටීමට ආසන්න නිසා  ඉවත් කර දෙන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ද අදාල වතු සමාගමටද දැනුම් දී ඇතත් එය ඉටු නොවූ නිසා  නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මෙලෙස ගස් කැපීම සිදුකර ඇති බවයි පැවසුණේ. 

මෙම ගස් කැපීම සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඡායාරූප පළ කිරීමත් සමග සමාජ ජාල මාධ්‍ය තුළ අමාත්‍යවරයාට එරෙහි කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ අතර මෙම ගස් කැපුවේ ඇයිද යන්න පිළිබඳව වීඩියෝවක් මේවනවිට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

එය පහතින් නැරඹිය හැකියි...

No comments:

Post a Comment

Post Bottom Ad