වෛද්‍යවරුන්ගේ අඩි පාරේ යන්න තැපෑලේ අයත් තීරණයක් ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

වෛද්‍යවරුන්ගේ අඩි පාරේ යන්න තැපෑලේ අයත් තීරණයක් ගනී

අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට යලිත් අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කළ බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.  ඒ, ඓතිහාසික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල හෝටල් ව්‍යාපෘතියකට ලබාදීම සහ පරිපාලන ගැටලුවලට විසදුම් ලබා නොදීමට විරෝධය පල කරමින්. 

එම පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ 13 වනදා සහ 14 වනදා දෙදින සංකේත වැඩ වර්ජනයක් පවත්වා මේ පිළිබදව අනතුරු ඇගවුවද රජයේ පාර්ශවයෙන් මේ දක්වා ඊට විසදුමක් ලබා දි නොමැති බවයි. මේ අතර, වැටුප් විෂමතාවය හා වෘත්තීය සමිති මර්දනය කිරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ලබන 28 වනදා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් කියා සිටියේ එදින පැවැත්වෙන මහා සමුළුවෙන් පසු අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකිරීම ගැන තීරණයක් ගන්නා බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad