මහනුවර බාලිකාවක සිසුවියක් ලැගුම්හලකට ගෙන්වා නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයටත් දාලා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

මහනුවර බාලිකාවක සිසුවියක් ලැගුම්හලකට ගෙන්වා නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයටත් දාලා !

මහනුවර නගරයේ ප්‍රධාන බාලිකා විදුහලක සිසුවියක ලැගුම්හලකට කැඳවා  නිරුවත් ඡායාරූප ලබා ගත්  බව කියන සිසුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසන්නේ දැරියගේ මව විසින් කළ  පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි. මහනුවර සුපිරි පිරිමි විදුහලක 19 හැවිරිදි උසස් පෙළ සිසුවෙක්, 16 හැවිරිදි සිසුවිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගෙන තිබෙනවා. 

සැකකරු, ඇය නගරයේ ලැගුම්හලකට ගෙන්වා ඔහුගේ ජංගම දුරකතනයෙන් ඇයගේ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි කියවෙන්නේ. ඒ අනුව එම ජංගම දුරකතනය මොරටුව සරසවියට යොමු කර ඇත්තේ වාර්තාවක් ලබා ගැනීම සඳහායි.

No comments:

Post a Comment

Post Bottom Ad