පවිත්‍රා සබරගමුවට,රමේෂ් දකුණට – පිරිත් පිංකම් රහස් එලියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

පවිත්‍රා සබරගමුවට,රමේෂ් දකුණට – පිරිත් පිංකම් රහස් එලියට

අපි ලබන සැරේ පළාත් සභා ඡන්දෙදි මහ ඇමතිට තරඟ කරන්න හොඳ බුලට් දෙකක් දාන්න ඕනෑ..අපිට වැඩිම වාසිය තියෙන්නේ සබරගමුවෙයි දකුනෙයි..ඒ හින්දා පවිත්‍රා අනිවාර්යෙන්ම අපිට සබරගමුව දිනවලා දෙන්න ඕන…

දකුණු පළාතෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් තියෙන්නේ ගාල්ලේ නිසා අපි රමේෂ්ව දානවා ගාල්ලට..එයාට ඒක දිනාගන්න ලේසියෙන්ම පුළුවන්.. යයි පොදුජන පෙරමුණේ ප්‍රබල දේශපාලකයෙකු පවසා තිබේ. ඔහු මෙසේ පවසා තිබෙන්නේ පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාගේ නිලනිවසේ පිරිත් පිංකම පැවති අවස්ථාවේදීය. පිරිත් පටන්ගන්නා වෙලාවට කලින් වෙන්වූ විශේෂ කාමරයක ඉතා රහසිගතව මෙම සාකච්ඡාව සිදුවී තිබේ.

ඒකාබද්ධයේ ලොක්කෝ කිහිපදෙනෙක් පමණක් සහභාගී වූ මෙම රහස් සාකච්ඡාවේදී එක් අයෙක් පමණක් දකුණට රමේෂ් පතිරණ මහා ඇමති අපේක්ෂක කිරීමේ යෝජනාවට තරයේ විරුද්ධ වී ඇත.ඔහුගේ යෝජනාව වී තිබුණේ නාමල් රාජපක්ෂ දකුණු පළාත් මහ ඇමති අපේෂක වශයෙන් පත් කරන ලෙසය.

මේ සාකච්ඡාවෙන් පසු නාමල් රාජපක්ෂ පසු දිනම හිතවතුන් සමග පවසා තිබෙන්නේ අපිට වෙනම ගමනක් යන්න බැරි බවත් පොදුජන පෙරමුණෙන් තරග කළහොත් අපි පරදිනවා යන්නයි.කෙසේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඉතා ඉක්මනින් රාජපක්ෂලා අල්ලා ගතයුතු බවත් ඔහු පෙන්වා දී තිබේ.


harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad