ඇමරිකානු බේස් බෝල් තරගයක් අතර වෙඩිතැබීමකින් දේශපාලකයින්ට තුවාල


දේශපාලකයින් සහභාගී කරවාගෙන පවත්වන්නට කටයුතු යොදා තිබුණ ඇමරිකානු බේස්බෝල් තරගයක පුහුණුවීම් කටයුතු අතරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයාගේ රිපබ්ලිකන් පක්ෂයේ නායකයින් කිහිපදෙනෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබේ.


වර්ජිනියාහි ඇලෙක්සැන්ඩ්‍රියා උද්‍නයේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ස්ටීව් ස්කැලිස් බරපතල තුවාල ලද අතර ඔහුගේ ආරක්ෂකයින්ද තුවාල ලබා ඇත. වෙඩි තැබීම සිදු කළ අයට ආරක්ෂකයින්ද ප්‍රති ප්‍රහාර එල්ල කළ පසු ජේම්ස් හොකින්සන් නමැති වෙඩික්කරු මියගියා.

ඔහු ගැන වැඩිදුර විමසීමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ එරට අභ්‍යන්තර දේශපාලන ගැටලුවක් මත බව අනාවරණය විය. 66 වියැති මියගිය වෙඩික්කරු උග්‍ර ට්‍රම්ප් විරෝධියෙකු වූ අතර දකුණු ඉලිනොයිස් ප්‍රාන්තයේ වාසය කරන රැකියා විරහිත අයෙකු බවද පැවසිණි. ට්‍රම්පිට එරෙහිව සමාජ ජාලාවලට ලියමින් පුවත්පත් වලට ලියමින් දැඩි මතයක සිටි ඔහු ට්‍රම්ප්ට රිදවීමේ අදහසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි සැලකේ.

සිද්ධිය දැනගත් පසු තුවාල ලද තම කොන්ග්‍රස් සගයා බලන්නට ඇමරිකානු ජනපති ට්‍රම්ප් සිය බිරිය සමග රෝහල කරා ගිය බවද වාර්තා විය.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment