යුධ හමුදා කපිතාන්වරයෙකුට කතරගමදී ප්‍රහාරයක්

යුධ හමුදා කපිතාන්වරයෙකුට කතරගමදී එල්ල වූ  ප්‍රහාරය සම්න්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම කපිතාන්වරයා ආගමික කටයුත්තක් සඳහා තවත් නිලධාරීන් පිරිසක් සමග පැමිණි අවස්ථාවේදී සුදු පැහැති වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.


මෙලෙස පහරකෑමට ලක්ව ඇති කපිතාන්වරයා තඹුත්තේගම, 19 වන ජාතික ආරක්ෂක බලමුළුවට අනියුක්තව සේවය කරනු ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි කතරගම පොලීසිය පැවසුවේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment