කුල ප්රශ්නය හේතුකොටගෙන යාපනයේ දෙමළ වැසියන් කිසිදු රෝහලකට ලේ නොදීම නිසා යාපනයේ ලේ බැංකුවල ඇතිවූ ලේ හිඟයක් නිසා වහාම යුද හමුදාවේ සහාය දෙන්නැයි පොසොන් පොහෝ දින යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත බස් රථවල නැගී ගිය සෙබළුන් දෙසීයක් ලේ පරිත්‍යාග කර ඇත.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගෙන් යාපනය ශික්ෂණ රෝහල් ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත භට පිරිස් එහි යවා හමුදා සෙබළුන් ලේ පයින්ට් 170ක්දී ඇති අතර පසුගිය සිකුරාදා (09) සවස් වන විට ලේ පයින්ට් 100ක් ලබාදී ඇත.
උතුරේ ජනතාවගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් මෙම ලේ පරිත්‍යාගයන් කළ බවත් මෙම වසරේ පමණක් දැනට ලේ පයින්ට් දහසක් යාපනේ පිහිටි මහ රෝහල. පේදුරුතුඩුව, තෙලිප්පලේ, චාවාකච්චේරි, පලෙයි, අච්චුවේලි රෝහල් වෙත ලබාදී ඇති බවයි මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.
හමුදා භට පිරිස් මෙසේ ලේ දන් දීමට නොසිටියා නම් උතුරේ රෝගීන්ට ලේ නොමැතිව දැඩි අර්බුදයක් ඇති වන බව උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.
Tuesday, June 13, 2017
කුල ප්රශ්නය නිසා යාපනයේ ලේ හිඟයක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment