බන්ධනාගාරගත රැදවියන් ගැන තීන්දුවකට ජනපති සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

බන්ධනාගාරගත රැදවියන් ගැන තීන්දුවකට ජනපති සැරසෙයි

සුළු වරදවල් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී නියම වූ දඩ මුදල් ගෙවා ගත නොහැකි වීම නිසා බන්ධනාගාරගත කරන රැදවියන් සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීරණයකට එළඹීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. ජනධිපතිවරයා මේ පිළිබඳව සඳහන් කළේ සිරකරු සුබසාධක සංගමයේ 100 වැනි වර්ෂ පුර්ණයට ඊයේ (13) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

2015 වසරේදී බන්ධනාගාරගත වූ රැදවියන්ගෙන් 43.7%ක්ම බන්ධනාගාරගත වී ඇත්තේ නියම වූ දඩ මුදල ගෙවා ගත නොහැකි වීමෙන් බවත් ඉදිරියේදී නීතිරීති සහ ප්‍රතිපත්ති මෙන්ම විවිධ සමාජ සංවිධාන හරහා ඒ සඳහා කඩිනමින් විසදුමක් අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ සිරකරුවන් නොමැති සමාජයක් ගොඩනැගීමට කැපවිය යුතු බවත් බන්ධනාගාරගත වුවන් පිළිබඳව මානුෂික ලෙස බැලිය යුතු බවත්ය. මතින් තොර සමාජයක් ගොඩනැගීම සඳහා මීට වඩා ක්‍රියාශීලී වැඩපිළිවෙලක් අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad