සාධාරණ විසදුම් අවශ්‍ය බව ගැමුණු කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

සාධාරණ විසදුම් අවශ්‍ය බව ගැමුණු කියයි

බස් ගාස්තු සංශෝධන මිල සූත්‍රය වසර 15කට අධික කාලයක් ගතවී ඇති බැවින් එය අවසන් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ බස් ගාස්තු සංශෝධනය පිළිබඳව සිය පාර්ශවයන්ට සාධාරණ විසදුම් ලබාදීමේ නව ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි. එළඹෙන ජුලි මාසයේ දී බස් ගාස්තු සංශෝධනයක් සිදු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඊයේ සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ගැමුණු විජේරත්න මහතා නිව්ස්24 වෙත මේ බව කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad